මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට අද උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරී අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු මෙම සාකච්ඡාවට අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.