මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් (UK131) තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම නිසා හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කර ඇති බව වාර්තා වේ.
මෙම ගුවන් යානය අද පස්වරු 02.56ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
බලධාරීන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
තොරතුරු මුලාශ්‍ර : Aviation Voice
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.