රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ පනතේ විධානයන්ට පටහැනි හෙයින් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලමින් සිවිල් ක්රියාකාරකයකු වන ප්‍රියන්ත හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) ගොනු කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ ඇති වරද නිවැරදි කිරීමට නියෝග කරන්නැයිද පෙත්සම්කරු අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලීමක් කර ඇත.
‘අපි ශ්‍රී ලංකා’ ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන ශ්‍රීයන්ත හේරත් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් නීතිපතිවරයාද, මැතිවරණ කොමිසම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක නම් කර ඇත.
රටේ ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පත්වු බවත් සැප්තැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඔහු ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් සඳහන් කරන සිවිල් ක්‍රියාකාරිකයකු වන ‘අපි ශ්‍රී ලංකා’ ජාතික සංවිධායකගේ කැඳුවම්කරු වන පෙත්සම්කාර ශ්‍රීයන්ත හේරත් ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍ර භාර ගන්නා බවත් මහමැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කළ බවත් සඳහන් කර ඇත.
1988 මැතිවරණ සංශෝධන පනතට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර දින 10ක කාලයකට පසු නාම යෝජනා කැඳවීය යුතු වුවත් සැප්තැම්බර් 24 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ අදාළ කාල වකවානු ප්‍රකාශයට පත් කිරීම වැරදි සහගත බවද පෙන්වා දෙන පෙත්සම්කරු 1988 මැතිවරණ සංශෝධන පනතේ 10 වැනි ඡේදය අනුව අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම මෙන් දින 10 පසු නාම යෝජනා කැඳවීය යුතු බවත් නාමයොජනා කැඳවීමෙන් සති 05 කට නොඅඩු හා සති 07 කට නොවැඩි කාලයක් තුළ මැතිවරණයේ පැවැත්වීය යුතු බත් පෙන්වා දී ඇත.
මැතිවරණ සංශෝධන පනතට අනුව මැතිවරණය සඳහා නාමයොජනා කැඳවීමට සහ මැතිවරණ පැවැත්වීමට නිවැරදි කාලය වන්නේ නොවැම්බර් 15 වැනිදා සිට නොවැම්බර් 29 වැනි දක්වා බව පෙන්වා දෙන පෙත්සම්කාර ශ්‍රීයන්ත හේරත් මෙම තත්වය යටතේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් එය නීතියේ ආධිපත්‍යය කඩ කිරීමක් බවත් පෙන්වා දී ඇත.
මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන හෙයින් තම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් අදාළ වැරදි සහගත දිනය නිවැරදි කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටින පෙත්සම්කරු පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.
(lankadeepa.lk - මනෝප්රිය ගුණසේකර)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.