මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්රචාරක ආදායම් සහ වියදම් වාර්තා, ලබන සතියේ පොලීසියට භාරදෙන බව, ජාතික මැතිවරණ කොමිසම පවසයි.
අදාළ වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම දී තිබූ කාලය, පසුගිය 13 වැනිදායින් අවසන් වූ අතර ඒ අනුව අදාළ වාර්තා දී ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 35 කි.
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයින් ආදායම් වියදම් වාර්තා දී තිබුණේ නැත.
මැතිවරණ පනතට අනුව අපේක්ෂකයින් එම වාර්තා ලබා දී දින 10 ක් ඇතුළත, ඒ පිළිබඳ වාර්තාවක් පොලීසියට භාර දිය යුතුය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.