මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබේ.
විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඒ බව දැනුම්දෙයි.
ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරය) 53අ(3) අ, ආ (i) (ii) (iii) වගන්ති ප්‍රකාරව ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් පාට කිරීමට ද නියමිතය.
2024.09.21 දින පැවති ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්,

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.