මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාමයෝජනා පත්‍ර සමග භාරදිය යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
මැතිවරණ කොමිසම පවසන්නේ 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 80 (01) (ප), 82 (01) (ඊ), 82 (02), 89, 90 (04) වගන්ති අනුව ඡන්ද විමසීම් දිනය ප්‍රකාශයට පත්කළ දිනයට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි.
එමෙන්ම 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින් ද වත්කම් සහ බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමගින් මැතිවරණ කොමිසමට භාරදිය යුතුය.
නාමයෝජනා පත්‍රය සමග වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත්වීම දණ්ඩනයකට යටත්විය යුතු වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.