මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (05) පැවති තරගයේ ජය ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.
ඒ අනුව, සහභාගී වූ දෙවෙනි තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අහිමි වී ගියේ කඩුලු 6ක පරාජයක් හිමිවීමත් සමගය.
සාජා පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්න සමඟින් චමරි අතපත්තුය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 6ක් ලෙස සටහන් වෙද්දී විශ්මි ගුණරත්න ලකුණු ලබා ගැනීමට පෙර දවාගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය.
නායිකා චමරි අතපත්තුට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 3ක් පමණි.
කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් කරන්නට හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා උත්සාහ දැරුවේ සිව්වැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවක් එක්කරමිනි.
එම සබඳතාව බිඳ වැටුණේ හර්ෂිතා ලකුණු 23කට දැවී යාමත් සමඟය.
ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් ලබා ගත්තාය.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 93ක් පමණි.
ලකුණු 94ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිය ඉලක්කය පසුකර ගියාය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.