මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
අපරාධකරුවන්, අල්ලස් දූෂණ චෝදනා මෙන්ම පරිසරයට හානි කිරිමේ චෝදනා ඇති අයට මහ මැතිවරණයේ දී නාම යෝජනා දීමෙන් වළකින්නැයි මාර්තු 12 ව්‍යාපාරය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
මාර්තු 12 ව්‍යාපාරයේ සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
"වර්තමානයේ බලයට පත්වෙලා තියෙන ආණ්ඩුව පිරිසිදු දේශපාලනය කියන කාරණය ඔවුන් ගේ පදනම බවට පත්කරපු බවක් අපිට පෙනී ගිහින් තියෙනවා. මාර්තු 12 ව්‍යාපාරය හැටියට අපි සතුටු වෙනවා අපි අවුරුදු 12කට එහා අපේ රටේ පැළ කරපු බීජය අද යම් ආකාරයකට වෘක්ෂයක් බවට පත්වෙමින් තියෙනවා. අපරාධකාරයෙක් නොවන පුද්ගලයින් සඳහා පමණයි නාම යෝජනා ලබාදීමට පුළුවන්කම තියෙන්නේ. ඡන්දදායකයාට ගෞරවයෙන් ඡන්දය ලබාදෙන්න පුළුවන් අපේක්ෂකයෝ ඇතුල් කරන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.