දිවයිනේ ඇතැම් ස්ථානවලට අදත් (16) මිලිමීටර් 100 ඉක්ම වූ වැසි
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කර තිබේ.
ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ව්‍යවස්ථාදායක සභාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය නියෝජිතයා ලෙස පත් කර තිබුණේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වන අතර, හිටපු ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි වීමත් සමග නිමල් සිරිපාල ද සිල්වා ගේ ව්‍යවස්ථා සභා නියෝජිත ධුරය ද අහෝසි විය.
ඊට අමතරව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත්ව ඇති බව සඳහන් වේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු අතර ඒ අනුව, නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව ලබන මස 09වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම් හා සාගර කාරියවසම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සාමාජිකයින් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.