මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
නීති විරෝධි ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද(26) උදෑසන කටුනායක රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
කිලෝ 43යි ග්‍රෑම් 600කට ආසන්න බරකින් යුතු මෙම කුෂ් තොගය ඉතිහාසයේ විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු නිලධාරීන් පවසයි.
විදේශිකයා විසින් රැගෙන ආ ගමන් මලු දෙකක මෙම මත්ද්‍රව්‍ය තිබී ඇතැයිද එහි වටිනාකම රුපියල් කෝටි 44කට ආසන්න බවද රේගුව සඳහන් කළේය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවා නිලධාරියෙක් බවද වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.