මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ධීවර ප්‍රජාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
ඒ අනුව එළඹෙන 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව වෙත මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමට ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.
මේ තුළින් බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
සහනාධාරය සෘජුවම ධීවරයන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.
අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්ව ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.