මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන රැසක් මේ වනවිට ගාලු මුවදොර අසල ගාල්කර ඇති අයුරු දැකගත හැකිය.
අද දෙරණ කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විවිධ කාර්යයන් සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන්ට නිකුත් කර තිබූ රජයේ වාහන 97 ක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති බවය.
එම වාහන ඊයේ (24) සිට මෙලෙස ගාල්කර ඇත්තේ එම කාර්යාලයට යාබද ගාලු මුවදොර ආසන්නයේය.
එම වාහන භාවිත කළ පුද්ගලයින් නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මෙලෙස වාහන ගාල්කර ගොස් ඇතැයි අද එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පැවසීය.
මෙලෙස ගෙනවිත් දමා ඇති රථවාහන දැකබලා ගැනීමට මහජනතාවද පැමිණ තිබුණි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.