මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.
මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය සෙනසුරාදා දිනයේ පවත්වනු ලැබීය.
මැතිවරණයේ දී ප්‍රකාශ කළ ඡන්දවලින් හරි අඩකට වඩා කිසිදු අපේක්ෂකයෙකුට ලබා ගත නොහැකි වීම හේතුවෙන් පළමු සහ දෙවනි ස්ථානවල සිටි අපේක්ෂිකයින් සඳහා ලැබුණු දෙවන සහ තුන්වන මනාප ගණනය කිරීම සිදුකළේය.
එහිදී මනාප 105,264ක් ලබා ගත් අනුර කුමාර දිසානායක හිමි වු අතර සජිත් ප්‍රේමදාස ට මනාප 167,867ක් හිමි වුණි.
ඒ අනුව අනුර කුමාර දිසානායක ගේ ඡන්ද සංඛ්‍යාව 5,740,179ක් දක්වා ඉහළ ගිය අතර සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් දක්වා ඉහළ ගියේය.
එම ඡන්ද ප්‍රතිඵලවලට අනුව මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත්කරගනු ලබන බව ඊයේ (22) රාත්‍රී මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේ දී කොමිෂන් සභාවේ, සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.