මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ මාර්ගය භාවිත කිරීම පිළිබඳව පොලිස් මූලස්ථානයෙන් යළිත් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවය.
අත්‍යවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවද පොලිස් මූලස්ථානය දැනුම්දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.