රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.
පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිඵල නිකුත්කර අවසන්වන තුරුම රට තුළ ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.
මේ අතර, පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ සහ සතියක් ඇතුළත කිසිම පුද්ගලයෙකුට රථ වාහනවලින් හෝ පාගමනින් පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බවත් සියලුම ජනතාව මෙම නීතිරීතිවලට අවනතව කටයුතු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දෙයි.
එමෙන්ම ඔහු ඉල්ලා සිටියේ, පුරවැසියෙකු ලෙස සාමකාමීව නීතියට අවනතව රටේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසියට සහාය දක්වන ලෙසටය.
එමෙන්ම සාමය කඩවීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් ඒ පිළිබඳව පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
119
118
107 (උතුරු, නැගෙනහිර සඳහා)
011 202 7149
011 201 3243
111 239 9104 - (Fax අංකය)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.