රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී රත්නායක ඔහු මෙම අදහස් පළ කළේ ය.
"21 වනදා ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7.ට පමණ දිස්ත්‍රික්කවල ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම ආරම්භ වෙනවා. තැපැල් ඡන්දගණන් කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට දැනට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ගණන්කිරීමේ කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් පරිශ්‍ර තුළ. ගණන්කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදලා තිබෙන්නේ. පළමුව ගණන්කිරීම කරනු ලබන්නේ එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම. එම ගණනය කිරීමෙන් අනතුරුව (දිස්ත්‍රික් මට්මින් ගණන් කිරීම් සිදුවේ) පළමුව ඡන්ද පෙට්ටිවල තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම සිදුවෙනවා. ඉන් පසු එක් එක් අපේක්ෂකයාට ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කරලා, එය ඡන්ද ප්‍රදේශ මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සකස් කිරීම සිදුකරනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය තමයි සමස්ත ප්‍රතිඵලය ගණනය කරනු ලබන්නේ. කිසියම් අපේක්ෂකයෙකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් හෝ එකක් ලැබිලා තියෙනවාද කියලා බලනවා. එහෙම ලැබිලා තියෙනවානම් ඒ අවස්ථාවේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වෙනවා. අපි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරනවා. යම් හෙයකින් කිසිඳු අපේක්ෂකයෙකුට සියයට 50ක් හෝ එකක් ලැබිලා නැතිනම්, මනාප ගණන් කිරීමේ අවස්ථාවට යා යුතු වෙනවා. එහිදී සිදුවන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා තරගයේ ඉතිරි කරලා, ඉතිරි අපේක්ෂකයන් 36 දෙනා තරගයෙන් ඉවත් කරනවා".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.