රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ, අයිඩෘස් මොහමදු ඉල්යාස් මියයාමෙන් පසු ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන ලෙසට අදාළ අපේක්ෂකයා යෝජනා කළ තැනැත්තාට දැනුම් දුන් නමුත් එම දැනුම් දීමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
ඒ අනුව, අයිඩෘස් මොහමදු ඉල්යාස් ගේ නම ඡන්ද විමසීමට අදාළ ලේඛණ වලින් මෙන්ම ඡන්ද පත්‍රිකාවෙන් ද ඉවත් කරනු ලැබු ලෙසට සලකන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.