රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝගක් කරමින් පවසයි.
ඔහු මෙම අභියෝගය සිදු කළේ යටියන්තොට නගරයේදී අද (17) පෙරවරුවේ පැවැත්වු ජනහමුවක දී ය.
"අපි ඉදිරිපත් කළා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ඒ තුළින් එකින් එක කිව්වා...ඔබේ ජීවිතය වෙනස් වෙන විදිය. ඒ වෙනස් වන විදිය සඳහා මුදල් ලැබෙන ආකාරය. මේකට විරුද්ධව අද කවුරුත් වචනයක්වත් කියන්නේ නෑ."
"අපි මේ පොතේ යෝජනා කරලා තියෙනවා... නූතන ඩිජිටල්කරණය භාවිතා කරලා සමාන වෙන ක්‍රමය. උපන්දාම ඔබට ලැබෙන මේ ඩිජිටල් අංකෙන් ඔබත් මමත් එක දිනයකදී සමාන පුරවැසියන් වෙනවා මේ රටේ."
"මම ඔවුන්ගෙන් අහන්නේ එක ප්රශ්නයයි. මේ ඩිජිටල් අංකය නිකුත් කරන්න පුළුවන් නම් පොරොන්දු වෙන්න. එදාට කියන්න වෙනවා ආදායම නම් ආදායම... වියදමනම් වියදම් කරන විදිය."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.