රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ පැරණි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය කිරීම සහ එවැනි වීඩියෝ පට පළ කරන්නන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම් වලට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල විටින් විට සංසරණය වන අවස්ථා දැකිය හැකි බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.
උදාහරණ ලෙස කටුනායක ගුවන්තොටුපොල දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරි නීතිය පනවන ලද අවස්ථා වලදී ලබාගන්නා ලද වීඩියෝ දර්ශන යනාදිය බවයි.
මෙවැනි වීඩියෝ දර්ශන මෙලෙස නැවත සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජගත වන අතර පෙර සිදුවීම් වලට අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම මහජනයා නොමග යැවීමක් ලෙස සලකනු ලබන බව පොලිසිය ප්‍රකාශ කරයි.
එය රට තුළ නීතිය හා මහජන සාමය ආරක්ෂා කිරීමටද සෘජු ලෙස බාධා විය හැකි අතර කරුණු නොදන්නා හෝ තහවුරු නොවූ මෙවැනි සංවේදී වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා තුළ පළ කිරීම හා බෙදාහැරීමෙන් වළකින ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.