මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
සැප්තැම්බර් 14 වනදා වනවිට යම් අයෙක්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
මැතිවරණ දිනය තෙක් ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමිවන බවයි ඔහු පවසන්නේ.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති අතර ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බවත්, ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 14 වනදා වනවිට නිම කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.