මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
එංගලන්තය සහ ශ්රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ලකුණු 219ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.
තරගය ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්වුණි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 - 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය.
මෙය 2014 වසරට පසුව ශ්රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.