මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බව පැෆ්රල් හි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
"මැතිවරණ කොමිෂන් සභාව සහ තැපැල් දෙපාර්තමේන්තුව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරිමින් පවතිනවා. ඒක තමයි අපිට ලැබෙන ආරාධනා පත්‍රය. හැබැයි මේ ආරාධනා පත්‍රය ලැබුණත් නොලැබුණත් එය ඔබට ඡන්දය පාවිච්චි කිරීම සඳහා බාධාවක් වෙන්නේ නෑ. අපි විශ්වාස කරනවා සෑම ඡන්ද දායකයෙකුගේම අතට මේ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබෙයි කියලා.
තමන්ගේ ඡන්ද පොළ තමන් දන්නවා නම්, තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුව තිබෙනවා නම් ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා.
මේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට පහසුවක් වේවි ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සහ ඔබේ අංකය හඳුනාගැනීම සඳහා. හැබැයි ඒක ඔබට නොලැබුණත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් බිය වියයුතු වන්නේ නෑ. ඡන්දය පාවිච්චි කිරීමට එය බරපතළ බාධාවක් වෙන්නේ නෑ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.