මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද(06) තුන්වැනි දිනටත් සිදු කෙරේ.
පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා මධ්‍යස්ථාන 1,500කට අධික සංඛ්‍යාවක දී ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇත.
පසුගිය 4 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට එහිදී අවස්ථාව ලබා දී තිබුණි.
ඊයේ සහ අද යන දෙදින තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පැවතුණු අතර, ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සදහා අද දිනයේ ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දී ඇත.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේත් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ලබන 11 සහ 12 ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව හත් ලක්ෂ 12,319 කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.