මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
උද්දමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ පඩි වැඩිකළ යුතුයි කියන මතයේ තමන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද (31) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නාමල් : "උද්දමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ පඩි වැඩිකළ යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. ඒක දේශපාලනික පොරොන්දුවක් නෙවෙයි. ඒක විය යුතු කාරණයක්. මැතිවරණ කාලයක් එනකන් ඉන්න ඕන නෑ නේ. ඒ අදාළ ආයතනවලට උද්දමනයට අනුකුලව රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න පුළුවන්."
මාධ්‍යවේදියා : සීයට කීයකින් විතර වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා ද?
නාමල් : "උද්දමන ප්‍රතිශතයට අනුව තීන්දුවක් ගන්න ඕන. ඒක මේ මැතිවරණය දේශපාලකයෝ ගතයුතු තීන්දුවක් නෙවෙයි."
මාධ්‍යවේදියා : ඒ කියන්නේ රාජ්‍ය සේවකයන්ට යහපත් ප්‍රතිචාරයක් ?
නාමල් : පැහැදිලිවම අපි රාජ්‍ය සේවය ආරක්ෂා කරනවා අපි තමයි රාජ්‍ය සේවය පුළුල් කළේ. මේ රටේ රාජ්‍ය සේව්‍ය රැක්කේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ මහින්ද චින්තනය කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති ප්රකාශනය. ඉදිරියේදීත් ඒ රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.