මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
වාරිමාර්ග ඉංජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ජී. ඩබ්. ඒ. සකුරා දිල්තාරා අද (22) පස්වරුවේ පවසා සිටියේ කළු, ගිං සහ නිල්වලා ගංඟා ද්රෝණීන්ගේ ගංවතුර අවදානම තවමත් පවතින බවයි.
"දින කිහිපයක් පුරාවට පැවති කළු, ගිං සහ නිල්වලා ගංඟා ද්රෝණීන්ගේ මෙන්ම කළු ගඟෙහි උප ද්‍රෝණියේ ගංවතුර අවදානම තවමත් පවතිනවා. නමුත් අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා එහි ජල මට්ටම තව දුරටත් ඉහළ යාමකින් තොරව ජල මට්ටමේ අඩුවීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් ඉදිරි දිනය තුළත් පහත්බිමවල ගංවතුර තත්ත්වය පවතීවි. පවතින වර්ෂා රහිත කාලගුණ තත්ත්වයත් සමග මෙම තත්ත්වය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම කළුතර කුඩා ගංඟාවේ පහත්බිම් ආශ්‍රිතව මාර්ග තවමත් ජලයෙන් යටවී පවතිනවා. එමනිසා එම මාර්ග භාවිතයේදී රථ වාහන රියදුරන් දැඩි අවධානයක් යොමුකළ යුතුය. ගිං ගඟෙහි බද්දේගම හා ඉන් පහත් ප්‍රදේශයන්හි ජල මට්ටමද ක්‍රමයෙන් බැස යෑමක් පෙන්නුම් කළත්, එම පහත්බිම් හරහා වැටී ඇති මාර්ගත් භාවිත කිරීමේදීද දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ වගේම නිල්වලා ද්‍රෝණියේ ජල මට්ටම්හි අඩුවීමක් පෙන්නුම් කළත්, තවමත් පහත්බිම් ආශ්‍රිතව ඉහළ ජල මට්ටම් වාර්තා වෙනවා".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.