මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මානුෂීය ධනවාදයත් සමාජ ප්රජාතන්ත්රවාදයත් එකට එක් කරගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත්කර එහි ප්රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙදාගත් ආර්ථිකයක් කරා කණ්ඩායම සමග යා හැකි බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසීය.
මේ නව චින්තනය මැද මාවත අනුගමනය කර සමාජ සාධාරණත්වය යුක්තිය ඉටුකරන නව මාවතකට ප්‍රවේශ වන බවත්, මෙහි දූෂණයට වංචාවට කිසිදු ඉඩක් නොමැති බවත් ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කරමින් අන්ත දූෂිත රාජ්‍ය ගනුදෙනු බැහැර කර දූෂණය මුලින් උපුටා දැනීමේ ආර්ථික නිදහස දිනා ගන්නා මෙහෙයුමට එක්වන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඉකුත් 20 දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ජාතික වෘත්තිකයන්ගේ කවුන්සිලය (භක්ඡ) විසින් සංවිධනය කර තිබූ ශ්‍රී ලංකාවේ වර්ධන අවස්ථා විකේතනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්රවල වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ අනාගතවාදීන්ගේ අදහස් හුවමාරු කර ගන්නා හමුවක් අමතමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.