ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් අරඹා දින හතරක් යාමෙන් පසු තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.
ඉකුත් 15දා ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව ඒ අනුව ඊයේ (19) සිට නවතා ඇත.
මෙම බස් රථ සේවාවට ආරම්භ කළ සැනින්, ඊට එරෙහිව ගුවන් තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි. ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ද ඉදිරිපත් කර තිබුණි.
මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව නවතා දැමීමට පියවර ගෙන තිබේ .
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.