මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
හොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් ඉරිදා (11) රාත්‍රියේ පැවති 2024 පැරිස් ඔලිම්පික් සමාප්ති උත්සවයේදී Stade de France ක්‍රීඩාංගනයේ වහලයේ සිට කඹයක ආධාරයෙන් පහතට පනිමින් ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්කරන අන්දමේ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.
ලෙදර් ජැකට්ටුවක් සහ අත්වැසුම් වලින් සැරසී සිටි මිෂන්: ඉම්පොසිබල් තරුව උද්වේගකර ඉදිරිපත් කිරීම සිදුකළේ ප්‍රේක්ෂකාගාරයේ අත්පොලසන් මධ්‍යයේ ය.
2028 ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සපයන ලොස් ඇන්ජලීස් නුවරට ධජය පැවරීම සනිටුහන් කිරීම සඳහා, කෲස් පැරිසිය හරහා එක්සත් ජනපදයට ගමන් කරන ආකාරය දැක්වෙන පූර්ව පටිගත කිරීමක් එහිදී ප්‍රදර්ශනය කෙරුණි.
පළමුවෙන් ඔහු ධජය රැගෙන මෝටර් බයිසිකලයක නැඟී පැරිසියේ වීදි දිගේ ගමන් කර, ගුවන් යානයක නැඟී ඇමරිකා එක්සත් ජනපද වෙත ගොස් ඉහල අහසේ සිට බිමට පනින ආකාරයත්, ඉන්පසු ධජය එක්සත් ජනපද බයිසිකල් ධාවන ශුරියක අතට ලබාදෙන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ.
එහිදී ඔහු ජනප්‍රිය හොලිවුඩ් සලකුණ වෙත ගොස් ඔලිම්පික් වර්ණ දක්වමින් 2028 ලොස් ඇන්ජලිස් නුවර වෙත මීළඟ ඔලිම්පික් උළෙල එන බවට පණිවිඩය ලොවට ගෙනයයි.



ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.