ඒ අනුව එලෙස පරිහරණය කරන්නේ නම් ඒවා කඩිනමින් ආපසු භාරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අදාළ බලධාරීන් සිදුකළ යුතු බව සඳහන් කරමින් අමාත්‍යාංශය ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රජයට අනුබද්ධ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
දූෂණ විරෝධි පනතේ 41 සහ 111 වගන්ති ප්‍රකාරව එහි මෙලෙස කිසියම් පුද්ගලයෙකු තවදුරටත් නීත්‍යානුකූලව අදාළ දේපොළ රජය වෙත භාර නොදීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද අදාළ ලිපියෙහි දක්වා ඇත.