මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව නව නායකත්වය යටතේ සහ නව පුහුණුකාරීත්වය යටතේ එක්වන පළමු එක්දින ක්‍රිකට් තරගාවලියද මෙයයි.
චරිත් අසංලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයින් ඇතුළත් ය.
මෙම තරගාවලියේදී රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර සුපිරි ක්‍රීඩක විරාත් කෝලිද සංචිතය සමග එක්ව සිටී.
ශුබ්මන් ගිල්, ලෝකේෂ් රාහුල්, රිෂාබ් පාන්ට්, මොහොමඩ් සිරාජ්, කුල්දීප් යාදෙව් සහ අර්ෂ්දීප් සිං වැනි ක්‍රීඩකයින්ද ඉන්දීය සංචිතයට ඇතුළත් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.