ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකි වනු පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිය.
2024-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වනවිට බිත්තර මිලියන 224ක් ආනයනය කර ඇත.
ඉන් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37 ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර, බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024-04-30 දිනෙන් අවසන් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.