කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ක්රිකට් ක්රීඩක ඩිල්ෂාන් මධුසංඛට තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ.
ඉකුත් ජූලි 14 වැනිදා දඹුල්ල සික්සර්ස් සහ ගාල්ල මාර්වල්ස් අතර තරගයේදී ඩිල්ෂාන් මධුශංක, පළමු මට්ටමේ වරදක් වන ලංකා ප්රීමියර් ලීග් විනය නීති සංග්රහයේ 2.5 වගන්තිය කඩකිරීමට වරදකරු වීම නිසා එම දඩුවම පනවා තිබේ.
පිතිකරුවෙක් දැවී යෑමෙන් පසුව අපහාස වන ආකාරයේ හෝ නොගැළපෙන ලෙස භාෂා භාවිතය, ක්රියා කිරීම සහ අංග චලන දැක්වූයේ යැයි පිටියේ සිටි විනිසුරුවන්ගෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී ඔහු වරද පිළිගත් බවත් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩි දුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.