යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පවසයි.
ඉක්මනින් ස්ථිර පාලමක් හදාගත යුතු බව කී එජාප ජාතික ලේකම්වරයා, කඩිනමින් ණය බරෙන් එළියට පැමිණිය යුතුව තිබෙන්නේ යැයි ද සඳහන් කළේය.
බුලත් කඩයක් වත් නැති අය ආර්ථිකය දුවවන හැටි රටට පෙන්වා දිය යුතු බව කී රවී කරුණානායක, මැතිවරණය නියමිත කාලයේදීම පැවැත්විය යුතු බවට ජනපති දැනුම් දී තිබෙන්නේ යැයි කීය.
දැන් විදෙස් ආයෝජන රටට එන්න පටන් ගෙන ඇති අතර නවතා තිබූ විදෙස් සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ආරම්භ කෙරෙමින් තිබෙන බව ද ඔහු පැවසීය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එම කරුණු කියා සිටියේ, කොළඹදී ඊයේ (5) පැවති මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාව ණය ගෙවිය යුතු ආකාරය පිළිගැනීමෙන් අනතුරුව සියයට 28 මුහුණත අගය කපා හැරීමෙන් රටක් හැටියට ඉදිරියට යාමට හැකියාව ලැබෙන බවයි රවී කරුණානායක පවසන්නේ.
මෙම තත්ත්වය මත නවතා තිබූ විදෙස් ආයෝජන නැවත ආරම්භ වෙන බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.