සූරියවැවදී STF සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
යුක්තිය මෙහෙයුම අද (04) සිට නව මුහුණුවරකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
අද දිනයේ කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
යුක්තිය 2 යටතේ පාතාල කල්ලි මුළුමනින්ම මර්දනය කරනවා
යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ පාතාල කල්ලි මුළුමනින්ම මර්දනය කිරීමටත්, මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමටත් කටයුතු කරන බව දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ යුක්තිය මෙහෙයුමේ පළමු අදියරට මාස 06ක් පිරීම නිමිත්තෙන් එහි ප්‍රගතිය මාධ්‍යට දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ හමුවක දී ය.
යුක්තිය මෙහෙයුමේ පළමු අදියර යටතේ මෙරට හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5,975 දෙනකු අතරින් 5,449 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත.
ඉතිරිව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 530 දෙනා යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස්පතිවරයා පවසයි.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි ජාවාරම්කරුවන් 709 දෙනකු, නැවත මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිස්පතිවරයා කියා සිටියි.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට අලුතින් එකතු වී ඇති ජාවාරම්කරුවන් 1,079 දෙනකු පිළිබඳව තොරතුරු මේ වනවිට පොලිසිය වෙත ලැබී තිබේ.
යුක්තිය මෙහෙයුම මගින් මාස 06ක කාලසීමාවක් තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල අපරාධ සහ විවිධ අපරාධ ඇතුළු සැකකටයුතු පුද්ගලයන් 152,077 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.
මෙම පුද්ගලයන් අතරින් 5,447 දෙනකු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යන අතර, 837 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බව ද පොලිස්පතිවරයා පවසයි.
මත්ද්‍රව්‍ය මර්දනය මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ද රට පුරා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 286ක් ආරම්භ කර ඇති බව ද පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මෙම මධ්‍යස්ථානවලදී මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් 12,800 දෙනකු පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බව ද ඔහු පවසයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි මාස 02 තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.
ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.