ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා "හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (09) රාත්‍රියේ ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර, ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ඇද ඇතිරිලි 03ක ඔතා, මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණය සඟවා ගෙන තිබියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.