මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි සභාපති කෝෂල වික්‍රමසිංහ සඳහන් මීට අදාළ පැමිණිළි 3,040ක් ලැබී ඇති බවය.
"විශේෂ ඒකකයකට ලැබුණු පැමිණි තියෙනවා 3,040ක්. එදිනෙදා විසඳුම් ලබාදෙන්න පුළුවන් 1,124ක් තියෙනවා. ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත විශේෂ වංචා දූෂණ සිදුවුණා ද කියලා සැක විශේෂ පරීක්ෂණ 15ක් අපි තෝරාගෙන තියෙනවා. එයින් 3ක් මේ වෙද්දි අභ්‍යන්තර විගණනය විධිමත්ව සිදුකෙරෙමින් යනවා. තව කිහිපයක් යනවා එළියේ මාධ්‍යවල සාකච්ඡා වුණ. ඒකට තොරතුරු අපි ගනිමින් ඉන්නවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.