මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.
කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.
දිවාරාත්රී තරගයක් ලෙසින් ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 291ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 29.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 150ක් පමණයි.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ අසිත ප්රනාන්දු (3/26), එශාන් මාලිංග (3/35) හා මහීෂ් තීක්ෂණ (3/35) කඩුලු 3 බැගින් දවාගත්තේ ය.
දක්ෂ පිතිහරඹයක නිතර වූ මාර්ක් චැප්මන් අංක 3 පිතිකරු ලෙස පැමිණ ඉනිමේ අවසන් පිතිකරුවා ලකුණු 81ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේ ය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.