ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (14) උදෑසන ට එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව පුද්ගලයන් 184දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටියි.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වූ අතර පවුල් 391,401 කට අයත් 1,364,481දෙනෙකු ඉන් පීඩාවට පත්ව සිටී.
සම්පූර්ණ හානියට පත් නිවාස සංඛ්‍යාව 6164ක් වන අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 1,12,110 කි. මෙම සංඛ්‍යා තවමත් යාවතකාලින වෙමින් පවතී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.