‘ප්‍රජා ශක්ති – ගම් දහසක වැඩ දහසක්’ වැඩසටහන අද ඇරඹෙයි
“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් අද (02) ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.