පුවත්

කොළඹ 85,000කට තවමත් වතුර නෑ

කොළඹ 85,000කට තවමත් වතුර නෑ

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද ජල සැපයුම් ලක්ෂයෙන් 85,000කට පමණ තවදුරටත් ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.

මාංශ භක්ෂක බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ඉන්න ගෙදරටත් බද්දක් ගහන්න එකඟ වෙලා

පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැති බව ජනාධිපති ප්‍රකාශ කළත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

පොල්තෙල් මිල ඉහළ දැමීම කූඨ ව්‍යාපාරික වැඩක්

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති බවත් වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More

’’ඇමතිවරුන්ගෙන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක පොලු’’

ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු අමාත්‍යවරු රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65000 කට වැඩි මුදලක් පොලු තියා ඇති බවත් ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (17) පැවසීය.

Read More

"යන කල්ලි කණ්ඩායම් ඕන දිහාක මකබෑවුනාට අපිට කමක් නෑ" - මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහා පරිමාණයෙන් දේශපාලන වැඩ කටයුතු ඇරඹීමේ සුදානමින් පසුවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

Read More

ජනපති සටනට මම එනවා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා පැවසීය.

Read More

ඉන්දු - ලංකා ගොඩබිම් පාරේ එක වැඩක් අවසන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More