සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
හෘද රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අංග සම්පූර්ණ නවීන රෝහලක් කොළඹ ජාතික රෝහලට ආසන්නයේ වෙනමම ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.
හැකි ඉක්මණින් ඉදි කිරීමට යෝජිත මෙම රෝහල සඳහා රුපියල් බිලියන 13ක මුදලක් වැය කිරීමට අපේක්ෂිත බව ද ඇමැතිවරයා පැවසුවේය.
මහනුවර මල්වතු මහා විහාරයේ දී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ දී ඇමැතිවරයා ඊයේ (02) මේ බව ප්‍රකාශ කළේය.
පළමුව අමාත්‍යවරයා මල්වතු මහා විහාරයේ දී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක, ආශිර්වාද ලබා, සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
ඉන් අනතුරුව අස්ගිරිය මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා, සුව දුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ජනතාවාදී අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබදව ද, වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබඳ ද මෙහි දී අමාත්‍යවරයා මහනායක හිමිවරුන් දැනුම්වත් කිරීමට පියවර ගත්තේය.
මෙම වර්ෂයේ දී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” 100ක් රට තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ යටතේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය අනුව සිව්වැනි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර, පොල්ගොල්ලවත්ත ග්‍රාමයේදීත්, පස්වැනි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මාතලේ දංකන්ද ග්‍රාමයේදීත් ඊයේ (02) ආරම්භ කළ බවත් අමාත්‍යවරයා මහනායකහිමිවරුන් හමුවේ ප්‍රකාශ කළේය.
රට තුළ ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩු කර ගැනීම සඳහා මෙවැනි කාලීන ව්‍යාපෘතීන් බෙහෙවින් ඉවහල් වන බව මහනායක හිමිවරු මෙහි දී අමාත්‍යවරයාට පැවැසූහ.
මහනුවර ජාතික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳත්, එහි අනාගත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳත් අමාත්‍යවරයා මෙහි දී මහනායක හිමිවරුන්ට කරුණු ඉදිරිපත්කර සිටියේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වත්මන් අමාත්‍යවරයා ලබාදෙන නායකත්වය ඉතා ප්‍රශංසනීය බවත්, කාලීන ගැටලු මැනවින් නිරාකරණය කර ගනිමින් මෙරට අහිංසක රෝගී ජනතාවට ලබාදෙන ප්රශස්ත සෞඛ්‍ය සේවාව පිළිබඳ අමාත්‍යවරයාට සිය ප්‍රසාදය ද පළ කර සිටින බවත් මහානායක හිමිවරු ප්‍රකාශ කළහ.
මෙම අවස්ථාවට බදුල්ල මුතියංගණය රජමහා විහාරයේ භාරකාර විහාරාධිපති පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි එක්ව සිටියහ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.