සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
සිය විදෙස් සංචාර සඳහා වැය වූ මුළු මුදල රට හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
වියදම් ගැන තමන්ට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අද (21) දින ජපානයේ දී පැවති ජන හමුවේදී ඔහු මෙම අදහස් පළ කර සිටියේ ය.
"මගේ විදේශ සංචාරයන් සඳහා ලක්ෂ 700ක් වැය වුණයි කියලා එක්කෙනෙක් ප්‍රකාශයට පත්කරලා තිබ්බා. ඒ නිසා මම ලංකාවට ගිහිල්ලා ඉතා කෙටි කාලෙකින් මේ සියලු සංචාර සඳහා අපේ වියදම් රටට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වගේම මම අපේක්ෂා කරනවා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ජනාධිපතිධුර කාලයේ දී විදෙස් සංචාර සඳහා රජයේ වියදම් දරපු ප්‍රමාණයත්, හරින් ප්‍රනාන්දු සංචාරක ඇමති වුණාට එයා කල්පනා කරනවා සංචාරක ඇමති කියන්නේ එයා සංචාරයේ යන එක කියලා, එතුමාගේ වියදම් වාර්තාවත් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම විදෙස් සේවා කාර්යාංශය භාර මනුෂ නානායක්කාර ගේ වියදම් ඉදිරිපත් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ එක අපි ඉදිරිපත් කරන්නම් ඒ කිසිවක් ආණ්ඩුවේ ඒවා නොවන බවට අපි සහතිකයක් දෙන්නම්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.