දිවයිනේ ඇතැම් ස්ථානවලට අදත් (16) මිලිමීටර් 100 ඉක්ම වූ වැසි
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට සැලසුම් කර ඇති බැවින් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව මහවැලි අධිකාරිය පවසයි.
වසර දෙකකට වරක් සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් වෙනුවෙන් පොල්ගොල්ල ජලාශයේ රැස්ව තිබෙන ජලය මෙලෙස ඉවත් කර වික්ටෝරියා ජලාශයට මුදා හැරීමට නියමිතය.
ජලාශය හිස්වීමත් සමඟ ක්‍රීඩා කිරීමට හෝ මසුන් ඇල්ලීමට මහවැලි ගඟට බැසීම අවදානම් බැවින් එලෙස ක්‍රියාකිරීමෙන් වළකින ලෙස මහවැලි අධිකාරිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.
මහවැලි අධිකාරිය සඳහන් කළේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමත් රජරට කෘෂිකාර්මික කටයුතු මෙම දිනවල අවසන්ව තිබීමත් හේතුවෙන් ජලාශයේ නඩත්තු කටයුතු මෙම දිනවලදී සිදුකිරීමට තීරණය කළ බවය.
පොල්ගොල්ල ජලාශය හිස් කිරීමත් සමඟ විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට 28 වැනිදා සහ 29 වැනිදා යන දෙදින තුළ ජලය ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බැවින් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව සෙනසුරාදා අලුයම 1 සිට සැප්තැම්බර් 30 වන දා පස්වරු 6 දක්වා පැය 65ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව එම මණ්ඩලය දැනුම් දෙයි.
මහනුවර නගර සභා බලප්‍රදේශයට, හාස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන ක්‍රමවලට අයත් ප්‍රදේශවලට, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වලල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහරින මාවතගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.