ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අද (07) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 190ක් තවමත් අතුරුදන්ව ඇත.
පවුල් 611,530කට අයත් පුද්ගලයින් 2,179,138ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 232ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් ,කුරුණෑගලින් මරණ 61ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32ක්, පුත්තලමෙන් මරණ 35ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28ක් වාර්තා වී ඇත.
එමෙන්ම පවුල් 27,663ක පුද්ගලයින් 89,857ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.