රාජ්‍ය ආයතන කිහිපයක ඔන්ලයින් සේවා බිඳවැටෙයි - යථා තත්වයට ගන්න විශේෂ රැස්වීමක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
2024 ජනාධිපතිවරණයට මසකට අඩු කාලයක් තිබිය දී මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් අද (26) කොළඹ වරායට පැමිණ තිබේ.
මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වයත් ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාවත් නිල සංචාරයක් සඳහා ඒ අනුව කොළඹ වරායට පිවිසි බවයි නාවික හමුදාව පවසන්නේ.
මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් “HE FEI” යුද නෞකාව, දිගින් මීටර් 144.50 හා නැව් මුළුව 267 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Chen Junfeng කටයුතු කරනු ලබයි. Landing Platform Dock වර්ගයට අයත් “WUZHISHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැව් මුළුව 872 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Fei Zhang කටයුතු කරනු ලබයි. Landing Platform Dock වර්ගයට අයත් “QILIANSHAN” යුද නෞකාව දිගින් මීටර් 210 හා නැව් මුළුව 334 ක ගෙන් සමන්විත වන අතර, එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් Xiong Binghon කටයුතු කරනු ලබයි.
එසේම, Destroyer වර්ගයට අයත් ‘INS Mumbai’ නෞකාව, දිගින් මීටර් එකසිය හැට තුනක් (163) හා නැව් මුළුව හාරසිය දහ දෙනෙකුගෙන් (410) සමන්විත වන අතර නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් සන්දීප් කුමාර් (Captain Sandeep Kumar) කටයුතු කරනු ලබයි.
යුද නෞකා මෙරට රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව ඇති අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් නෞකා තුළදී පැවැත්වීමටද නියමිතව ඇත.
බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පැවැත්වෙන පුහුණු අභ්‍යාසයකින් (PASSEX) අනතුරුව නිල සංචාරය අවසන් කරමින් අගෝස්තු මස 29 වැනිදා මෙම යුද නෞකා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට බාධා වී තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර සමථ මණ්ඩල වාර්තාවක් කැඳවීමටත් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝම්බර් 13 වැනිදා) නියෝග කළේ ය.