ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා හෙට (03) පස්වරු 1ට පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.
දේහය පස්වරු 2 සිට 4 දක්වා පාර්ලිමේන්තුවේ තැන්පත් කර තැබෙන බවයි වාර්තා වන්නේ.
බ්‍රහස්පතින්දා දිනයේදී දේහය ත්‍රිකුණාමලය බලා රැගෙන යාමට නියමිතයි.
අභාවප්‍රාප්ත දේශපාලනඥ ආර්.සම්පන්දන් ගේ දේහය මේ වන විට බොරැල්ල රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර ලබන ඉරිදා ත්‍රිකුණාමලයේදී දේහය පිළිබද අවසන්කටයුතු සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන් ප්‍රකාශ කළේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි වාර්තා වී ඇති බවත් එබැවින් මුදල් පරිහරණය කිරීමේ දී ව්‍යාජ නෝට්ටු පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවත් පොලීසිය පවසයි.
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.