මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (28) පෙරවරුවේ රැස්වීමට නියමිතවේ.
ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සුදුසු තීරණයකට එළඹෙන බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළේ ය.
මීට අමතරව ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද රැස්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
අත්තනෝමතික හා අනීතික ක්‍රියා මගින් 2023 වසරේ පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 22 වැනි දා තීරණය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.