මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබේ.
ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ඊයේ (02) මෙම හමුව සිදුව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනී රාජපක්ෂ යන ආරක්ෂක ප්‍රධානීන් වෙන්වෙන් වශයෙන් ආරක්ෂක ලේකම්වරයා හමුවී ඇති බව වාර්තා වේ.
ඊට අමතරව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ද ආරක්ෂක ලේකම්වරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.
සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ පළමු අවස්ථාව මෙය වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.