මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරුවේ එක් විය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනයට එක්වූ ජනාධිපතිවරයා වෙත ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත පිළිගැන්වීමට ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර කටයුතු කළේ ය.
දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමග ද කෙටි පිළිසදරක ද නිරත විය.
කුටි 400කින් පමණ සමන්විත මෙවර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 27 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා දින 10 ක් පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැවැත්වෙනු ඇත.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 25වන වරටත් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් "ගණේමුල්ල සංජීව" ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු ශ්‍රී ලාංකිකයන් පස් දෙනා දිවයිනට රැගෙන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බැවින් අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.