යම් තැනැත්තෙක් මේ පිළිබඳ කටයුතු නොකරන්නේ නම්, නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවද එහි දැක්වෙයි.
එමෙන්ම මෙම දඩ හෝ පොලී, අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු නොකරන බවද එහි සඳහන් ය.
තවද, ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇති වූ ' හිඟ බදු' පවතී නම්, ඒ සියල්ල 2024 ඔක්තෝබර් 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු වේ.
එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතී නම්, ඒවා අයකර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය කටයුතු ඇතුළුව සියලුම ආකාරයේ අය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බවද එහි දැක්වෙයි.
එමෙන්ම මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ නම්, 1944 අංකය අමතා හෝ ආසන්නම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලය සමග සම්බන්ධ වී එම තොරතුරු ලබා ගත හැකි බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් දන්වා සිටියේය.